වසර තුනහමාරකට පසුව පුටින් බෙලරූස් අගනුවරට

Share

රුසියාව, යුක්‍රේනය ආක්‍රමණය කොට අදට දින 298 යි.

ඊයේ දිනත් රුසියාව, යුක්‍රේනයේ කියෙව් වෙත ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.

ප්‍රහාරවලින් පසු කියෙව් ඇතුළු ප්‍රදේශ 04 ක විදුලිය ඇණ හිට ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඊයේ දින පුටින් බෙලරූස් හී හදිසි සාකච්ඡාවකට එක් වුණා.

හමුව පැවැත්වුණේ, බෙලරුසියානු අගනුවරයි.

වසර තුන හමාරකට පසුවයි පුටින් මෙලෙස බෙලරූස් අගනුවර වෙත පැමිණියේ.

කෙසේ වෙතත් මෙම හමුවේ අරමුණ තවම නිළ වශයෙන් ප්‍රකාශ කර නැහැ.

පුටින්ගේ බෙලරූස් සංචාරයෙන් පසු, යුක්‍රේනය සිය දේශ සීමාවල ආරක්ෂාව වැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read more

Local News