රිය අනතුරු වැඩිවීමේ ප්‍රවණතාවක්- වැඩිම අනතුරු යතුරුපැදිකරුවන්

Share

රිය අනතරු වැඩිවීමේ ප්‍රවණතාවක් පවතින බවත් අනතුරුවලින් වැඩිම මියයන පිරිස යතුරුපැදිකරුවන් බවද පොලිස් රථවාහන මූලස්ථානයේ අධ්‍යාපන හා මහජන ආරක්ෂාව පිළිබද ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සේනක ගමගේ පවසනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශයේ ඊයේ ( 21) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.

යතුරු පැදි හෙල්මට්වල ප්‍රමිතිය ගැන පසුගියදා නිකුත්වූ නව ගැසට්ටුවෙන් වඩාත් දැඩිව අවධානයක් යොමු වී තිබේ. ඒ අනුව ඉදිරියේදි ප්‍රමිතිගත හෙල්මට් පමණක් වෙළදපොලට ලැබීම තහවුරු කළ හැකිය.

මත්ද්‍රව්‍ය භාවිත කර මහා මාර්ගයේ රිය ධාවනය කරන පුද්ගලයින් හඳුනා ගැනීමට උපකරණ මේ වන විටත් ශ්‍රී ලංකාවට ගෙනැවිත් ඇත.ඒ අනුව මත් ද්‍රව්‍ය පාවිච්චි කර රිය ධාවනය කරන පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමේ විශේෂ වැඩ පිළිවෙලක් පොලිස්පතිවරයාගේ නියමයෙන් ක්‍රියාත්මක කරන බවද සේනක ගමගේ පැවසීය.

දිනකට ශ්‍රී ලංකාවේ මාර්ගවල රිය අනතුරුවලින් සිදුවන මරණ සංඛ්‍යාව 08ක් පමණ වේ. ඉන් 04ක් හෝ 05 ක් යතුරු පැදිකරුවන් බවද ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සේනක ගමගේ වැඩි දුරටත් අනාවරණය කළේ ය.

Read more

Local News