ත්‍රිකෝණමඩු රක්ෂිතයේ වන විනාශය නිසා අලි ගම් වදියි

Share

වන අලි ගැටළුව නිසා උග්‍ර ලෙස පීඩා විඳින වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනතාව දැන් තවත් එවැනිම ගැටළුවකට මුහුණ දෙමින් සිටිනවා.

ඒ ත්‍රිකෝණමඩුව රක්ෂිතය බඩ ඉරිඟු වගා කිරීම සඳහා මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට බදු දීමත් සමඟයි.

මෙලෙස අක්කර දහස් ගණනක් හෙළි පෙහෙළි කිරීම නිසා ජනතාව පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටයි. මෙම රක්ෂිතය පිහිටා ඇත්තේ වැලිකන්ද, සූරියවැව ගම්මානය ඇතුළු තවත් ගම්මාන හතරකට මායිම්වයි.

ත්‍රිකෝණමඩු රක්ෂිත භූමිය අක්කර එක්දහස් පන්සීයක් පමණ බඩ ඉරිඟු වගා කිරීම සඳහා විශාල බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් හෙළි පෙහෙළි කරන්නේ මේ ආකාරයෙන්.

දිඹුලාගල රාහුලාලංකාර නායක හිමියන් ප්‍රමුඛ පරිසර සංවිධාන එම ස්ථානය නිරීක්ෂණය කිරීමටද පසුගියදා එක් වුණේ මේ මහා ව්‍යසනය රටට කියන්නයි.

දැන් ඇත්තෙන්ම සිදුව තිබෙන්නේ මේ රක්ෂිතය හෙළි පෙහෙළි කිරීමත් සමඟම වන අලින් යළිත් ගම් වැදීමයි.

ඊයේ රාත්‍රියේ පැවති මහා වර්ෂාවත් සමඟ සිංහපුර ගම්මානයට වන අලි කඩා වැදුණු අයුරු සී සී ටී වී කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.

This image has an empty alt attribute; its file name is image-3.png

Read more

Local News