යුද්ධය ආරම්භයෙන් පසු සෙලෙන්ස්කි ප්‍රථම වතාවට යුක්‍රේනයෙන් පිටත සංචාරය කර තිබෙනවා.
ඒ ඇමෙරිකාව බලායි.
සෙලෙන්ස්කි ධවල මන්දිරයට ගිය පසු ඔහුව පිළිගත්තේ ජෝ බයිඩ්න් ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිද කැමිලායි.
එහිදී සෙලෙන්ස්කි යුක්‍රේන සෙබලෙකුගේ ඉල්ලීමකට අනුව ජෝ බයිඩ්න් ජනාධිපතිවරයා වෙත හමුදා පදක්කමක් ද ලබා දුන්නා.
ජෝ බයිඩ්න් සහ සෙලෙන්ස්කි අතර මෙම හමුව සිදුව ඇත්තේ යුක්‍රේනයට අවශ්‍ය ඉදිරි ආධාර පිලිබඳව සාකච්ඡා කිරීමටයි.
මේ අතර යුක්‍රේන දරුවන්ට තෑගි ලබා දීම සදහා නත්තල් සියා නමින් දුම්රියක් යුක්‍රේනය හරහා ගොස් තිබෙනවා.
ඊට අනුග්‍රහය දක්වා ඇත්තේ යුනිසෙෆ් සංවිධානයයි.