වායු දූෂණය සම්බන්ධයෙන් දිනපතා දැනුවත් කිරීමක් ජනවාරි සිට

Share

ශ්‍රී ලංකාවේ වායු දූෂණය සම්බන්ධයෙන් දිනපතා ලබා ගන්නා සංසරණ වායු තත්ත්වය පිළිබඳව මාධ්‍ය මඟින් ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනක් 2023 ජනවාරි සිට ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ සදහන් කරයි.

මේ සදහා මධ්‍යම පරිසරය අධිකාරිය හා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් තොරතුරු මුදා හැරිය හැකි ආකෘතියක් ද මේ වන විට සකස් කර ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News