සතොස භාණ්ඩ 07ක මිල අඩුකරයි

Share

ලංකා සතොස ආයතනය අද සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 07ක මිල අඩුකර තිබෙනවා.

ඒ අනුව සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 4කින්, ආනයනික අර්තාපල් සහ බී ලූණු කිලෝග්‍රෑම් එකක් රුපියල් 5කින් අඩුකර තිබෙනවා.

ඊට අමතරව රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 11කින්, දේශිය ටින්මාළු රුපියල් 15කින්, මිරිස් කිලෝග්‍රෑම් එකක් රුපියල් 15කින්, හාල් මැස්සෝ කිලෝග්‍රෑම් එකක් රුපියල් 50කින් අඩුකර තිබෙනවා.

Read more

Local News