පාසල් දරුවන් සඳහා දෙහිවල සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට අද (23) අවස්ථාව හිමිවන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසනවා.
‘පාසල් දරුවෝ පරිසර නියමුවෝ’ යන තේමාව යටතේ එම දරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් ද සංවිධානය කර ඇති බවයි සඳහන් වන්නේ.
හෙට (24) දින වයස අවුරුදු 60 වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සත්වෝද්‍යානය නොමිලේ නැරඹීම සඳහා අවස්ථාව ලබා දී ඇති බවයි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.



