උත්සව සමය වෙනුවෙන් අද (23) සිට විශේෂ පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වනවා.
මගී අවශ්‍යතාව අනුව, අතිරේක බස් රථ යෙදවීමට පියවර ගන්නා බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්, ආචාර්ය නිලාන් මිරැන්ඩා පැවසුවේ.
දැනට ධාවනය වන බස් රථවලට අමතරව අතිරේක බස් රථ අවශ්‍යතාව අනුව යෙදවීමට ද සූදානම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
උත්සව සමයත් සමඟ ගම්බිම් බලායන ජනතාව වෙනුවෙන් අද (23) සිට විශේෂ දුම්රිය සේවා ආරම්භ කෙරෙන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.




