සෙලෙන්ස්කි එක්සත් ජනපද සංචාරයක

Share

යුද්ධය ආරම්භයෙන් පසු ප්‍රථම වතාවට සෙලෙන්ස්කි ඊයේ අමෙරිකාවට ගියා.

එහිදී ඔහු ජෝ බයිඩ්න් ජනාධිපතිවරයාව හමුවුණා.

පසුව ඔහු එරට කතානායකවරියව හමු වූ අතර එක්සත් ජනපද කොන්ග්‍රසයටද පැමිණියා.

එහිදී ඔහු බක්මුට්හි සොල්දාදුවන් ලබා දුන් යුක්‍රේන ධජයක් නැන්සි පෙලෝසි වෙත තෑගි කළා.

එසේම නැන්සි පෙලෝසිද රාමු කළ එක්සත් ජනපද ධජයක් සෙලෙන්ස්කිට ලබාදුන්නා.

මේ අතර සෙලෙන්ස්කිගේ එක්සත් ජනපද සංචාරය සම්බන්ධයෙන් රුසියාව දොස් පවරා තිබෙනවා.

එසේම රුසියානු ජනාධිපති පුටින් පවසා ඇත්තේ තමාට රාජ්‍ය තාන්ත්‍රිකභාවයෙන් යුද්ධය අවසන් කිරීමට අවශ්‍ය බවයි.

මේ අතර යුද්ධය ආරම්භයේ සිට මේ දක්වා රුසියානු සොල්දාදුවන් ලක්ෂයකට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව යුක්‍රේනය පවසනවා.

Read more

Local News