අමෙරිකාවට දැඩි හිම කුණාටුවක්

Share

අමෙරිකාවේ ප්‍රදේශ රැසක දැඩි හිම කුණාටු තත්වයක් ඇතිවන බවට අමෙරිකානු ජාතික කාලගුණ සේවාව අනතුරු ඇඟවීමක් නිකුත්කර තිබෙනවා.

එහිදී දැඩි හිමපතන තත්වයන් පිළිබඳව මිලියන 100ක පමණ ජනතාවට අනතුරු ඇඟවීම් නිකුත්කර ඇත.

සුළි කුණාටුව හේතුවෙන් අමෙරිකාවේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියක් අංශක සෘණ 55ක් දක්වා පහත වැටී තිබේ.

හිම කුණාටු තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් අත්හිටුවා ඇති බවද වාර්තා වෙයි.

මේ අතර නගර කිහිපයක හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read more

Local News