ඊයේ (23) පැවති ලංකා ප්රිමියර් ලීග් 2022 තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට Jaffna Kings කණ්ඩායම සමත් වුණා.
එහිදී ප්රථමයෙන් පන්දුවට පහර දුන් Colombo Stars කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 05ක් දැවී ලකුණු 163ක් රැස් කළා. එහිදී Colombo Stars වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් ලකුණු 49ක් සහ රවී බොපාරා ලකුණු 47ක් රැස් කළා. පන්දු යැවීමේ දී Jaffna Kings වෙනුවෙන් නායක තිසර පෙරේරා ලකුණු 16කට එක් කඩුල්ලක් බිඳ දැම්මා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ Jaffna Kings කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 02ක් තුළ කඩුළු 08ක් දැවී ලකුණු 164ක් ලබාගනිමින් තරඟය ජයග්රහණය කළා. එහිදී අවිශ්ක ප්රනාන්දු ලකුණු 50ක් රැස් කළා. පන්දු යැවීමේ දී සුරංග ලක්මාල් ලකුණු 23කට කඩුළු 3ක් බිඳ දැම්මා.
තරඟයේ වීරයා අවිශ්ක ප්රනාන්දු විසින් දිනාගත් අතර, තරඟාවලියේ වීරයා ලෙස සදීර සමරවික්රම තේරී පත්වුණා. තරඟාවලියේ නැඟී එන ක්රීඩකයා ලෙස විජයකාන්ත් වියස්කාන්ත් තේරී පත්වුණා.