මහනුවර, අකුරණ – දුනුවිල ප්රදේශයේ නිවසකට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පවතින අධික වර්ෂාවත් සමඟ එම නිවස ආසන්නයේ පිහිටි පස් කන්ද නායයෑමෙන් සිදුවූ අනතුරෙන් මෙලෙස ඔවුන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තුවාල ලැබූ තවත් අයෙක් රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.



