බොහෝ වෙලාවට අතක්, පයක් නැත්නම්, සමහරු පුරුදු වෙලා තියෙන්නේ සිගමනටයි.
බොහෝ වෙලාවට අද හැමතැනම ඇත්තේ ජීවන අරගලයක්. ජීවිතය ජයගන්න බොහෝ මිනිසුන් නොකරන දෙයක් නැහැ. ඒ අතර තම දෑතේ නිර්මාණ ශක්තියට මිලක් ඉල්ලන අපූරු මිනිසෙකු ගැනයි මේ කතාව.
ජීවිතයේ පුදුමාකාරයි. අපි හැමෝටම හැමදේම එක වගේ ලැබෙන්නේ නැහැ. කුමාරටද එහෙමයි.
දෛවයේ සරදමකට කුමාරට එක අතක් අහිමි වෙනවා. නමුත් එහෙමයි කියලා කුමාර ජීවිතයෙන් වැටුණේ නැහැ. ඒ අභියෝගය බොහොම ලස්සනට බාරගත්තා. ඒ අතක් අහිමි වුණත් තමන්ට හැකි අයුරින් නිර්මාණ ඒ තමන්ගේ ජීවනෝපාය කර ගත්තේ ජීවිතයට එන හැම අභියෝගයකටම හරි ලස්සනට මුහුණ දෙමින්.
එක අතකට වාරු අරන් මේ අපූරු නිර්මාණවලට කුමාර හැඩතල මවන්නේ හරි අපූරුවට.
ඒත් මේ ආර්ථික රටාවත් එක්ක මොහුගේ නිර්මාණවලට නිසි තැනක් නැහැ. තමන්ගේ හිතේ හයියෙන් හැඩමවන මේ නිර්මාණවලට මිලක් ඉල්ලන්න කුමාර රැයක් දවාලක් බලන් නැතුව බස් එකට දුම්රියට ගොඩවෙනවා.
කුමාරිටත් ජීවිතයේ හීන ඇති, කුමාර වගේ ධෛර්යවන්ත මිනිසුන්ට අත දෙන්න අවධානය යොමු කරන්න කියලා අපි බලධාරීන්ට මතක් කරනවා.



