රුසියා යුක්‍රේන යුද්ධයට අදට දින 305යි.
ලබන වසරේ පෙබරවාරි වනවිට රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කොට අවුරුද්දක් සපිරෙනවා.
පෙරවාරි මාසය අවසානයේදී රුසියාව සමඟ සාම සාකච්ඡා සිදු කිරීමට අපේක්ෂා කරන බව යුක්‍රේන විදේශ ඇමති දිමිත්‍රි කුලෙබා ඊයේ දින ප්‍රකාශ කළා.
දිමිත්‍රි කුලෙබාගේ ප්‍රකාශයට රුසියාව සිය ප්‍රතිචාරය දක්වා තිබෙනවා.
රුසියානු විදේශ ඇමති සර්ජි ලැව්රොව් පවසන්නේ යුද්ධය නැවැත්වීමට යුක්‍රේනයට අවශ්‍යනම් රුසියාවේ අරමුණු සියල්ල ඉටු කළ යුතු බවයි.
මේ අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ සෙලෙන්ස්කි අතර දුරකථන සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට කඩිනමින් දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සිදු කළ යුතු බවයි මෝදි සෙලෙන්ස්කිට පවසා ඇත්තේ.