කොහොඹ තෙල් සහ සබන් දියර සුදු මැස්සා උවදුරට විසඳුමක්

Share

කොහොඔ තෙල් හා සබන් දියර භාවිතයෙන් මේ දිනවල පොල් ගස් ආශ්‍රිතව පැතිර යන සුදු මැස්සා නැමැති කෘමියාගේ උවදුර අවම කර ගැනීමට හැකි බව පොල් පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එන්.එස් ආරච්චිගේ පවසයි.

ඒ සුදු මැස්සා උවදුර සම්බන්ධයෙන් අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුවේ දි පැවැති මැධ්‍ය හුමවකට එක් වෙමිනි.

සුදු මැස්සා යනු ඕනැම ශාකයක යුෂ උරා බොන කෘමියෙකි.මෙහිදි පොල් කොළවල යුෂ උරා බොන අතර ඉන් පොල් කොළ කහ පාට වේ. මොවුන් පැණි වැනි ද්‍රාවණයක් නිකුත් කරන හෙයින ඉන් අතුවල පුස් සෑදේ.

මෙම කෘමින් පොල් පමණක් නොව මිරිස්,බටු ,තාල වර්ගයට අයත් ශාකවල මෙම උවදුර දක්නට ලැබෙන බව
නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය පවසයි.

මෙම කෘමි උවදුර වළක්වාගැනිම සදහා පොල් පර්යේෂණ ආයතනය විසින් දේශිය ක්‍රම හදුන්වා දී තිබෙන අතර ඉන් ප්‍රධාන ක්‍රමයක් ලෙස කොහොඔ තෙල් ලිටර් 10ක් හා සබන් කුඩු මිලිලිටර් 05 කට ජලය ලිටර් 01ක් මිශ්‍රකර ඉසින ලෙස නිර්දේශ ලබා දී තිබේ.

මෙහිදි ස්වභාවික පරිසරය මඟින් මෙම කෘමියා සඳහා විලෝපිකයින් සිටින හෙයින් ඔවුන් කෘත්‍රිම රසායනික ඉසිමෙන් මෙම අනෙක් සතුන් විනාශවීයාමේ අවධානමක් තිබේ.

මෙම උවදුර 2019 වර්ෂයෙදි කෑගල්ල ප්‍රදේශ හදුනාගෙන තිබෙන අතර ඉන් පසුව 2020 වසරේ දි මෙම උවදුර දක්නට ලැබිණි. මේ වන විට කෑගල්ල, ගම්පහ,කොළඔ,මෙන් ම ගාල්ල ,මාතර මහනුවර යන ප්‍රදේශ වලද මෙම රෝගය පැතිරෙමින් පවති. කෙසේ වුවද මේ දිනවල පවතින වර්ෂාව හේතුවෙන් යම් අඩුවක් දක්නට ලැබෙන බව ද ඇය පැවසීය.

Read more

Local News