කොළඹ සහ ගම්පහ ට අද සිට බිත්තර ලොරි

Share

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන 20ක දී රුපියල් 55 කට බිත්තර අලෙවිකිරීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

ඒ අනුව කොළඹ නගරය අවට ස්ථාන ලෙස කොළඹ දුම්රිය ස්ථානය, දෙමටගොඩ, කොම්පඤ්ඤවීදිය, දෙහිවල, බත්තරමුල්ල, නුගේගොඩ, මහරගම , මීගොඩ හා නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථාන, ජාතික රූපවාහිනි සංස්ථාව අසල මංසන්ධිය, හෝමාගම, වැනි ජනාකීර්ණ නගරවල දී මෙම බිත්තර අලෙවිකෙරේ.

එමෙන්ම වත්තල, ජාඇල, රාගම හා මීගමුව, කිරිබත්ගොඩ, කඩවත, පෑලියගොඩ වැනි නගරවල ද බිත්තර අලෙවි කිරීම සඳහා ලොරි රථ තැබීමට බිත්තර නිෂ්පාදකයින්ගේ සංගම් තීරණය කර ඇත.

මේ සඳහා ලොරි රථ 20 ක් යොදා ගැනීමට නියමිත ඇත.

බිත්තර මිල ගණන් පාරිභෝගිකයින්ට දැරිය නොහැකි ආකාරයට ඉහළ යාම නිසා බිත්තර අවම මිලක් යටතේ අලෙවි කිරීම සම්බන්ධව කෘෂිකර්ම වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පසුගියදා (26) බිත්තර නිෂ්පාදකයින්ගේ සංගම් කිහිපයක් සමග සාකච්ඡා කළේය.

ඒ අනුව බිත්තරයක මිල රුපියල් 55ක් වශයෙන් අලෙවි කිරීමට එම සංගම් අමාත්‍යවරයාට එකඟත්වය පළ කළේය.

Read more

Local News