නීති විරෝධීව රුමේනියාවට ඇතුළු වීමට උත්සාහ කළ පිරිසක් අත්අඩංගුවට

Share

නීති විරෝධී ලෙස රුමේනියාවට ඇතුළු වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් ඇතුළු සංක්‍රමණිකයින් විසිහත් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

භාණ්ඩ ප්‍රවාහන ට්‍රක් රථ දෙකක් රුමේනියානු දේශසීමාවේ පරීක්ෂාවට ලක් කිරීමේදී එහි සැඟව සිටියදී අදාළ සංක්‍රමණිකයින් පොලිස් භාරයට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉන් එක් ට්‍රක් රථයක් පරීක්ෂා කිරීමේදී එහි සිට බංගලාදේශ ජාතිකයින් දාහත් දෙනෙකු සොයාගෙන තිබෙනවා.

අනෙක් ට්‍රක් රථයේ සිට ශ්‍රී ලාංකිකයින් සහ පාකිස්තානු ජාතිකයින් එකොලොස් දෙනෙකුට වැඩි පිරිසක් සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔවුන් අවුරුදු විසි එකත්, විසි හතරත් අතර වයසේ පසුවන බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවයි රුමේනියානු පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

Read more

Local News