දිනේෂ් ශාෆ්ටර්ගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නැහැ. මෙම ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුද්ගලයින් අසූ හතර දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
බොරැල්ල පොදු සුසාන භූමියේදී සිය මෝටර් රථය තුළ ගෙල කර බැඳ දමා තිබියදී පසුගිය පහළොස් වනදා පස්වරුවේ දිනේෂ් ශාෆ්ට සොයා ගැනුණේ.
පසුව ඔහු ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබුණා.
මේ අතර ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර්ගේ ඝාතනය ගැන විවිධ මාධ්‍ය ඔස්සේ තහවුරු නොවූ තොරතුරු ප්‍රචාරය කිරීම විමර්ශන වලට බාධාවක් බව පොලිසිය පවසනවා.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාශය මේ බව සඳහන් කර තිබෙනවා.
මාධ්‍ය විවිධ කරුණු ප්‍රචාරය කිරීම සැකකරුවන්ට වාසිදායක බවත් පොලීසිය සඳහන් කරනවා.



