වසර විසි තුනකට පසු දුම්රියෙන් කොළඹ කොටුවට එළවළු ප්‍රවාහනය කිරීමේ කටයුතු ඊයේ පස්වරුවේ ආරම්භ කෙරුණා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතුරු අයවැයෙන් ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුවයි මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත්තේ.
දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙළඳ සහ අලෙවි අංශය දුම්රියෙන් එළවළු ප්‍රවාහනය කිරීම සඳහා විශේෂ දුම්රිය මැදිරි පහක් සකස් කර තිබෙනවා.
නියමු ව්‍යාපෘතියක් වශයෙන් ඊයේ පස්වරු පහට නානුඔය දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා එළවලු ප්‍රවාහනය කිරීම ආරම්භ කර තිබුණා.
මෙම විශේෂ දුම්රිය අද අලුයම එකයි තිහට කොළඹ කොටුව වෙත ළඟා වී ඇති බවයි වාර්තා වුණේ.
දුම්රිය දෙපාර්තමේන්තුව සහ පෞද්ගලික අංශය එක්ව මෙම වැඩසටහන සංවිධාන කර තිබෙනවා.
කොළඹ පිහිටි සුපිරි වෙළඳසැල් සහ මැනිං වෙළඳපොළ ඉලක්ක කරගෙන මෙම එලවලු තොග ප්‍රවාහනය කිරීම විශේෂත්වයක්.



