රුසියාවේ රෙඩ්වින් මත්තලට

Share

මගීන් 412දෙනෙකු රැගත් රෙඩ්වින් රුසියානු ගුවන් යානය අද පෙරවරු නවයට පමණ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණියා.

මොස්කව් නුවර සිට පැමිණි මෙම ගුවන් යානය රුසියාවේ අවුරුදු විසි තුනක් පැරණි ගුවන් සමාගමක් වන රෙඩ්වින් සමාගමට අයත් වන එකක්.

වසර දෙකක පමණ කාලයකට පසුවයි මත්තල ගුවන්තොටුපලට ජාත්‍යන්තර ගුවන් ගමන් මෙලෙස ආරම්භ වන්නේ. ගුවන් යානය අද සිට සතියකට ගුවන් ගමන් වාර දෙකක් මොස්කව් සහ මත්තල අතර සිදුකිරීමට නියමිතයි.

මත්තල ගුවන් තොටුපළට පැමිණි ගුවන් යානයට ධාවන පථයෙන් ගිනි නිවන රථ දෙකක් මගින් සම්ප්‍රධානුකූල ලෙස ජල ආචාර දක්වමින් පිළිගනු ලැබුවා.

ශ්‍රී ලංකාවට පළමු වරට පැමිණෙන මෙම රෙඩ්වින් ගුවන් යානය සහ එම සංචාරක මගීන් පිළිගැනීම සඳහා වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, මත්තල ගුවන් තොටුපළට පැමිණ සිටියා.

මෙම අවස්ථාවට ගුවන්තොටුපල සමාගමේ සභාපති ජෙනරාල් ජී ඒ චන්ද්‍රසිරි ඇතුළු පිරිසක්ද එක්ව සිටියා.

Read more

Local News