මහ කන්නයේ සිදුවූ අස්වනු හානිවලට ගොවීන්ට අද සිට වන්දි

Share

මේ අතර මහ කන්නයේදී සිදුවූ අස්වනු හානි සඳහා ගොවීන්ට අවශ්‍ය මුල්‍යාධාර ලබාදීමේ වැඩපිළිවෙල අද සිට ආරම්භ කිරීමට නියමිතයි.

ඒ අනුව ගොවි පවුල් මිලියන එකයි දශම දෙකකට සිදු වූ අස්වනු හානි වෙනුවෙන් රුපියල් බිලියන අටක මුදලක් ලබා දීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි වාර්තා වන්නේ.

එම මුදල් ආසියානු සංවර්ධන බැංකුව මගින් කෘෂිකර්ම අමාත්‍යංශය වෙත පිරිනමා තිබෙනවා. අදාළ මුදල් ගොවීන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීම අද දිනයේ නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතයි.

Read more

Local News