ලීසිං වාරික ගෙවීම පැහැර හැරීම හේතුවෙන් වාහන බලෙන් අත්පත් කර ගැනීම වළක්වාලමින් පොලිස්පතිවරයා චක්රලේඛයක් පසුගියදා නිකුත් කළා.
මීට මුල් වී කටයුතු කළ තමන් ඇතුළු පිරිසට දුරකථන ඇමතුම් හරහා මරණ තර්ජන එල්ල වන බවයි ලීසිං සහ ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ සභාපති අසංක රුවන් පොතුපිටිය පවසන්නේ.
මේ හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත එම සංගමය පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබෙනවා.



