සෙලෙන්ස්කි යුක්‍රේන පාර්ලිමේන්තුව අමතයි

Share

යුක්‍රේන, රුසියා යුධ ගැටුමේ 11 වන මාසයයි මේ ගෙවී යන්නේ.

2022 වර්ශය ඉතාමත් දුෂ්කර වූ බව ගෑස්ෆ්‍රොම් ආයතනයේ ප්‍රධානියා පවසනවා.

ඒ බටහිර රටවල් රුසියාවට පැනවූ සම්බාධක නිසා බවයි ඔහු පවසා ඇත්තේ.

මේ අතර රුසියාව, යුක්‍රේනයේ බක්මුන් සහ කේර්සන් නගරවලට ප්‍රහාර එල්ල කර තිබෙනවා.

පැය 24 ක් තුළ කේර්සන් නගරයට මිසයිල 80 ක් පමණ එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

එසේම යුක්‍රේන පාර්ලිමේන්තුව අමතමින් සෙලෙන්ස්කි පැවසුවේ බක්මුන් හී ලේවලින් වැසී නොයන ස්ථානයක් නැති බවයි.

මේ අතර ප්‍රංශ ආරක්ෂක ඇමති සෙබස්තියන් ලෙකොර්න යුක්‍රේනයේ කියෙව් වෙත ගොස් තිබෙනවා.

ඒ සෙලෙන්ස්කිව හමුවීම සඳහායි.

Read more

Local News