චීනයේ සිට අමෙරිකාවට පැමිණෙන්නන්ට කොවිඩ් පරීක්ෂණ අනිවාර්යයි

Share

අමෙරිකාවට පැමිණෙන චීන සංචාරකයින්ට කොවිඩ් පරීක්ෂණ අනිවාර්ය කර තිබෙනවා.

චීනයේ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙනුයි අමෙරිකාව මෙම තීරණය ගෙන ඇත්තේ.

කොවිඩ් රෝගීන් සංඛ්‍යාව කොපමණ ඉහළ ගියද චීනය ජනවාරි 08 වනදා සිට සංචාරකයින්ට පනවා තිබූ නිරෝධායන නීතිය ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

තවමත් චීනය කොවිඩ් සම්බන්ධයෙන් නිවැරදි දත්ත ඉදිරිපත් කර නැහැ.

එවන් පසුබිමක අමෙරිකාවට අමතරව ඉතාලිය, ජපානය, මැලේසියාව, තායිවානය, ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාවද චීනයේ සිට පැමිණෙන සංචාරකයින්ට එම රටවලට ඇතුළු වීමේදී සීමාවන් පනවිමටයි කටයුතු කර ඇත්තේ.

Read more

Local News