අද (30) සහ හෙට (31) දින දෙක විශේෂ ඩෙංගු මර්දන දිනයන් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.
පසුගිය සති 04ක කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් වාර්තා වීමේ සීඝ්‍ර වර්ධනයක් සිදුව ඇති බැවින් මෙම ඩෙංගු මර්දන දින ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.
මේ වන විට දිනකට රෝගීන් 200ත් 300ත් අතර ප්‍රමාණයක් රෝහල්වලින් වාර්තා වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වාදෙයි.
දෙසැම්බර් 26 වන දින විට දිවයින පුරා ඩෙංගු රෝගීන් 75,434 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එය ගිය වසරට සාපේක්ෂව දෙගුණයකටත් වැඩි ප්‍රමාණයක් බව වාර්තා වේ.



