ජනාධිපති අරමුදලට ලැබුණු අයදුම්පත් ගැන දැනුම්දීමක්

Share

ජනාධිපති අරමුදල වෙත 2022 වසර අවසානය වන විට ලැබී තිබූ අයදුම්පත් 11,000ක පමණ ප්‍රමාණයෙන් අයදුම්පත් 10,360ක වැඩ කටයුතු අවසන් කිරීමට පියවර ගෙන තිබෙන බව එහි ලේකම් ඩබ්.ඒ. සරත් කුමාර පවසනවා.

එම අයදුම්පත්වලට අදාළ ගෙවීම් කටයුතු ද බොහෝ ප්‍රමාණයක් දැනටමත් අවසන් කර ඇති අතර ඉතිරි අයදුම්පත් සම්බන්ධයෙන් ද අදාළ මුදල් ගෙවීම් කඩිනමින් නිරවුල් කරමින් සිටින බවත් එම කටයතු ඉදිරි සති කිහිපය තුළ අවසන් කිරිමට නියමිතව ඇති බවත් සරත් කුමාර මහතා සඳහන් කරයි.

ඒ අනුව මෙම වර්ෂය තුළ වෛද්‍යාධාර සඳහා රුපියල් මිලියන 1500කට ආසන්න මුදල් ප්‍රමාණයක් දැනටමත් ගෙවා අවසන් බවත් ඔහු පෙන්වා දෙයි.

ජනාධිපති අරමුදල වෙත 2022-08-01 දින වන විට ලැබී තිබූ අයදුම්පත් 8210ක ප්‍රමාණයක වැඩකටයුතු සිදු නොකර ගොඩගැසී තිබු අතර, මෙම දෙසැම්බර් 31 දිනට පෙර එම අයදුම්පත්වලට අදාළ වැඩකටයුතු නිම කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් ජනාධිපති අරමුදලේ නව ලේකම් ඩබ්ලිව්.ඒ. සරත් කුමාර වෙත ලබාදුන් උපදෙස් පරිදි එම කටයුතු කඩිනම් කෙරිණි.

ඒ අනුව අයදුම් පත් 10,360ක වැඩකටයුතු මේ වන විට අවසන් කර තිබෙන අතර වර්ෂ අවසානයේ ලැබී ඇති හා විවිධ හේතු මත වැඩ අවසන් නොවූ අයදුම්පත්‍ර 642ක සම්බන්ධයෙන් ද අදාළ කටයුතු කඩිනමින් සිදු කරමින් පවතින බවත් එම කටයුතු ඉදිරි සති කිහිපය තුළ අවසන් කිරීමට නියමිත බවත් වාර්තා වෙයි.

Read more

Local News