පාසල්වලට මත් ද්‍රව්‍යය ගෙන ඒම වැළැක්වීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් අද සිට

Share

පාසල්වලට මත් ද්‍රව්‍යය ගෙන ඒම වැළැක්වීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් අද 02 සිට ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.

ගම ද නගරය ද කියා භේදයක් නොමැතිව සෑම පළාතක්ම ආවරණය කරමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහාන් කළේය.

පාසල් තුළට අයිස් මත්ද්‍රව්‍ය පැමිණීමේ සිදුවීම් කිහිපයක් වාර්තාවීම සම්බන්ධයෙන් පසුගියදා කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මේ සඳහා අදාළ චක්‍රලේඛය ඉදිරියේදී නිකුත්කරන බවද අමාත්‍යවරයා පැවසීය.

Read more

Local News