නව වසර වෙනුවෙන් රාජකාරි නිල වශයෙන් ආරම්භ කිරීම අද

Share

දෙදහස් විසි තුන නව වසරේ රාජකාරී කටයුතු නිල වශයෙන් ආරම්භ කෙරෙන්නේ අද දිනයේදී.

ඒ අනුව අද උදෑසන රාජ්‍ය, පෞද්ගලික සංස්ථා ඇතුළු ආයතන මෙන්ම වෙළඳ ව්‍යාපාරික ස්ථාන ද නිල වශයෙන් සිය රාජකාරී කටයුතු ආරම්භ කිරීම දක්නට ලැබුණා.

වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ ගරු සභාපති රොෂාන්ත කාරියප්පෙරුම මැතිතුමා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලයේ පූර්ණ ආශිර්වාද සහිතව අද උදෑසන කිරි උතුරවා නිල වශයෙන් රාජකාරී ආයතන පරිශ්‍රයේදී මෙලෙස ආරම්භ කරනු ලැබුවා.

මෙම අවස්ථාවට මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ මණ්ඩලය, කළමනාකරුවන් මෙන්ම රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා හයම නියෝජනය කරන සාමාජික සාමාජිකාවන් එක්ව සිටියා.

Read more

Local News