ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඇමරිකානු ඩොලර් බිලියන දෙකයි දශම නමයක ණය මුදලක් ඉල්ලුම් කර තිබෙනවා.
මීට අදාළ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවලට එළඹුණේ පසුගිය වසරේ සැප්තැම්බර් මුල් භාගයේදී.
අදාළ ණය මුදල මෙරටට ලබා දීම අවස්ථා කිහිපයකදී ප්‍රමාද වුණා. ලක් රජයේ මන්දගාමී ක්‍රියා පිළිවෙල සහ ඊට අදාළ සාකච්ඡාවලට අවතීර්ණ වීම ප්‍රමාදය හමුවේ මේ වන තෙක් අදාළ ණය මුදලට ලැබෙන නිශ්චිත දිනයක් ප්‍රකාශයට පත් කර නැහැ.
මුදල් අමාත්‍යංශයට අදාළ රාජ්‍ය අමාත්‍යවරු අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කර සිටියේ අදාළ ණය මුදල ජනවාරියේ ලැබෙනු ඇති බවයි.
කෙසේ වෙතත් දෙදහස් විසිතුන වසර ලෝකයට දුෂ්කර වසරක් වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලීනා ජෝජියාවා පවසනවා.c



