යුක්‍රේන රුසියා යුද ගැටුමට අදට දින 311 යි.
මාස එකොළහක් පුරා නොනැවතුන යුද ගැටුම අවසන් කරන ලෙස පාප් වහන්සේ ඉල්ලා තිබෙනවා.
ඒ දෙදහස් විසිතුන වසරේ උන්වහන්සේගේ ප්‍රථම දිව්‍ය පූජාව පැවැත්වූ අවස්ථාවේදී.
මේ අතර ප්‍රංශ ජනාධිපති පවසා ඇත්තේ යුද්ධය ජය ගන්නා තුරු යුක්‍රේනයට සහය දෙන බවයි.
එසේම අන් අයගේ ජීවිත විනාශ කිරීම අසල්වැසි රුසියාවේ පිළිකුල් සහගත පුරුද්දක් බව යුක්‍රේන ජනපති ආර්යාව පවසනවා.