පෞද්ගලික සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී තිබෙනවා.
ජනාධිපතිවරයා සමඟ සුහද සාකච්ඡාවකට එක් වූ බ්‍රිතාන්‍ය හිටපු අගමැති කැමරන් නව වසර සඳහා ජනාධිපතිවරයාට සිය සුබ පැතුම් එක් කළේය.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන අයද ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



