මහත් ආන්දෝලනයක් රට තුළ නිර්මාණය කර ඇති විදුලි බිල ඉහළ දැමීම සඳහා වන යෝජනාව ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.
කෙසේ වෙතත් එය සලකා බැලීම ලබන සතියට කල් ගියා.
එය ලබන සතියට කල් දැමුනද ඊට එරෙහිව සිදුකරන විරෝධතා අඛණ්ඩව ක්රියාත්මක කරන බවයි විදුලි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් පවසන්නේ.



