රට තුළ පවතින බිත්තර අර්බුදය විසඳීමට නොහැකි වූ රජය පිටරටින් බිත්තර ගේන්න තීරණය කළා.
ඊට කැබිනට් අනුමැතිය ඊයේ හිමිවුණා. කෙසේ වෙතත් රජය ගත්ත මේ තීරණයට බිත්තර නිෂ්පාදකයින් දැඩි විරෝධය පළ කළා.
රටේ බොහෝ ප්‍රදේශවල තවමත් බිත්තර අලෙවි වන්නේ රුපියල් හැටත්, අසූවත් අතර මිලකටයි.
රජය සහ බිත්තර නිෂ්පාදකයින්ගේ මැදිහත්වීමෙන් රුපියල් පනස් පහට බිත්තර, ලොරි මඟින් ජනතාවට බෙදා දීම ආරම්භ වුවත්, බොහෝ ස්ථානවල රුපියල් පනස් පහට බිත්තර තිබෙන තැනක්, සොයා ගැනීමට හැකිවූයේ නැහැ.
ලොරි බිත්තර වලටත් වෙච්ච දෙයක් නැහැ.
රුපියල් පනස් පහට ජනතාවට බිත්තර ලැබුණෙත් නැහැ. මේ අතර මෙවන් පසුබිමක් තුළ බිත්තර ආනයනය කිරීමට ඊයේ දින රැස්වූ කැබිනට් මණ්ඩලයේ දී අනුමැතිය හිමිව තිබෙනවා.



