අද (03) දුම්රිය ස්ථානාධිපතිවරුන් 44 දෙනකුට පත්වීම් ලබා දීමට සිය අමාත්‍යංශයේ දී කටයුතු කළ බන්දුල ගුණවර්ධන අමත්‍යවරයා පැවැසුයේ, රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව මෙම වසරේ රාජ්‍ය සේවයට බඳවා ගැනීමක් නොමැති අවස්ථාවක, රට මුහුණ දී තිබෙන අර්බුදය හමුවේ වුවද, දුම්රිය සේවාව සඳහා සේවකයින් නොමැතිව පවත්වාගෙන යාම සිදු කළ නොහැකි බැවින් 2021 දී අයදුම්පත් කැඳවූ මෙම තනතුර සඳහා 29,000 ක අපේක්ෂකයින්ට විභාගයක් පවත්වා විනිවිදභාවයකින් යුතුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ලබා දී ඇති ලැයිස්තුවට අනුව මෙම ස්ථානාධිපතිවරුන් 44 දෙනකු තෝරා පත් කර ගත් බවයි.
එමෙන්ම ඉදිරි කාලය තුළ දී රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කොට විශ්‍රාම ගිය දුම්රිය රියදුරන් ඇතුලු නිළධාරීන්ට කොන්ත්‍රාත් පදනම මත යළිත් සේවය ලබාගැනීමට කටයුතු කරන බවත්, එතෙක් අනිකුත් විභාග ප්‍රතිඵල අනුව අවසර ලැබෙන ආකාරයට අනුපිලිවෙලට බඳවා ගැනීම කිරීමටත් බලාපොරොත්තු වන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.



