රාජ්‍ය සේවය තුළ සිටින දුම්රිය සේවය සඳහා සුදුසුකම් තිබෙන රාජ්‍ය සේවකයින් හට අයදුම් කිරීම සඳහා ලබන සතියේ ප්‍රසිද්ධ පුවත්පත් දැනුම් දීමක් සිදු කෙරෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අද (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.
මේ සඳහා දුම්රිය ස්ථානාධිපතිවරුන්, දුම්රිය නියාමකවරුන්, දුම්රිය රියදුරන් ආදී වශයෙන් සුදුසුකම් තිබෙන දැනට රාජ්‍ය සේවයේ නියුතු රාජ්‍ය නිළධාරීන්ට අයදුම් කිරීමට අවස්ථාව හිමිවන බව හෙතෙම මෙහි දී පැවසීය.



