රුසියාව යුක්රේනය ආක්රමණය කොට අදට දින 312යි .
මේවන විට යුක්රේනයේ බලශක්ති සැපයුම සැලකිය යුතු ලෙස අඩාල වී තිබෙනවා.
ගත වූ පැය 24 තුළ රුසියාව යුක්රේනයට එල්ල කළ ප්රහාර හමුවේ ප්රදේශ ගණනාවක විදුලිය ඇණහිට ඇති බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් නව වසර යුක්රේනයට උදාවුණේ අඳුරු අවුරුද්දක් ලෙසයි.
මේ අතර ඩොනෙස්ක් හි පිහිටි රුසියානු කඳවුරකට යුක්රේනය ප්රහාර එල්ල කර තිබෙනවා.
ප්රහාරයෙන් රුසියානු සෙබලුන් 400ක් පමණ මිය ගිය බවයි යුක්රේනය පවසන්නේ.
කෙසේ වෙතත් රුසියානු ආරක්ෂක අමාත්යංශය පවසන්නේ ප්රහාරයෙන් රුසියානු සෙබළුන් 63ක් මිය ගොස් ඇති බවයි.
යුක්රේනය එල්ල කළ මෙම ප්රහාරයට ඉතා ඉක්මනින් ප්රතිචාර දක්වන බවයි රුසියාව පවසන්නේ.
බටහිර කැමති වුණත් නැතත් මේ වන විටත් රුසියානු භූමිය විශාල වෙමින් පවතින බව රුසියාව සිය අවුරුදු සුභ පැතුමෙන් බටහිරට මතක් කිරීමක් සිදු කර තිබෙනවා.