මත්පැන් සහ දුම්වැටි මිල ඉහළට

Share

මත්පැන් හා දුම්වැටි සඳහා වන සුරාබදු බද්ද 20% කින් ඉහළ දැමීම හේතුවෙන් විවිධ මත්පැන් වර්ගවල හා දුම්වැටි වල මි​ල ඉහළගොස් තිබෙනවා.

මිලි ලීටර් 750 විශේෂ අරක්කු බෝතලයක මිල රු. 206 කින් ද, දේශීයව පෙරන ලද විදේශීය මත්පැන් රු. 266 කින් ද ඉහළ ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

සැර 5% ට අඩු බියර් 625ml ක මිල රු. 21 කින් සහ සැර 5% ට වැඩි බියර් 625ml ක මිල රු. 39 කින් ඉහළ දමා තිබෙනවා.

එසේම රුපියල් 90 ට තිබූ දුම්වැටියක මිල රුපියල් 105 දක්වාත් රුපියල් 85 ට තිබූ දුම්වැටියක මිල රුපියල් 100 දක්වාත් ඉහළ යන බවයි වාර්තා වන්නේ.

Read more

Local News