ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවකයින් වෙත ප්‍රසාද දීමනා ගෙවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම ආයතන සභාපතිවරුන්ගෙන් නිදහසට කරුණු විමසා තිබෙනවා.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම පාඩු ලබන ආයතන අතර පවතිනවා.
මේ හේතුවෙන් එම ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමටත් අවධානය යොමු කර තිබෙනවා. මෙවැනි තත්වයක් තුළ සේවකයින් වෙත ප්‍රසාද දීමනා ලබාදීම දැඩි ලෙස ප්‍රශ්න කිරීමට ලක්කර තිබෙනවා.
මේ අතර පාඩු ලබන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවකයින්ට ප්‍රසාද දීමනා ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එම ආයතන සභාපතිවරුන්ගෙන් කරුණු විමසා තිබෙනවා.



