රුසියා යුක්‍රේන යුධ ගැටුම ආරම්භ වී දැන් අවුරුද්දකටත් ආසන්නයි.
යුක්‍රේනය පසුගියදා රුසියාවට දරුණු ප්‍රහාරයක් එල්ල කළා.
ඉන් රුසියානු හමුදා සොල්දාදුවන් 89 දෙනෙකු මිය ගිය බව රුසියාව අද නිවේදනය කළා.
නමුත් යුක්‍රේනය පවසන්නේ එම ප්‍රහාරයෙන් රුසියානු සොල්දාදුවන් 400ක් මිය ගිය බවයි.
මේ අතර ජර්මනියේ විරෝධතා ආරම්භ වී තිබෙනවා.
ඒ රුසියාව සමඟ මිත්‍ර සබඳතාවක් පවත්වාගෙන යන ලෙසට එරට රජයට බල කරමිනුයි.
කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය අගමැති හා ප්‍රංශ ජනාධිපති පවසන්නේ යුක්‍රේන යුද්ධය ජයග්‍රහණය කරන තාක් තම රටවල් දෙකම අඛණ්ඩ සහය යුක්‍රේනයට ලබාදෙන බවයි.