උතුරු දුම්රිය අද සිට නතරවෙයි

Share

උතුරු දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු හේතුවෙන් අනුරාධපුර සිට වවුනියාව දක්වා දුම්රිය මාර්ගය මාස 05 කට අද (05) සිට වසා තැබේ.

උතුරු දුම්රිය මාර්ගය නවීකරණය ආරම්භ කිරීම හේතුවෙන් මෙලෙස දුම්රිය මාර්ගය වසා තැබේ.

ඒ බව පසුගිය (28) දා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

ඒ අනුව, මඟීන්ට පැන නඟින අපහසුතා මඟ හැරවීම සඳහා එම දුර ප්‍රමාණය සළකා බලා දුම්රියෙන් අනුරාධපුරයට පැමිණෙන සියලු මඟීන්ව ලංගම හා පුද්ගලික බස්රථ සමඟ එක්ව අනුරාධපුරයේ සිට යාපනයට අඛණ්ඩව ප්‍රවාහනය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් දුම්රිය දෙපාර්තමේන්තුව, පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය, ආණ්ඩුකාරවරුන් මෙන්ම මධ්‍යම ගමනාගමන මණ්ඩලය එකතුව සකස් කර ඇති බව වාර්තා වේ.

Read more

Local News