රුසියානු යුධ නෞකා 3ක් හදිසියේම කළු මුහුදට

Share

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කොට අදට දින 314යි.

පසුගිය දිනක යුක්‍රේනය එල්ල කළ ප්‍රහාර හමුවේ මැකිව්කාහි රුසියානු සෙබළුන් 80කට වැඩි පිරිසක් මිය ගියා.

මෙම ප්‍රහාරයෙන් පසු රුසියාව පැවසුවේ යුක්‍රේනයෙන් ඉතා ඉක්මනින් පළිගන්නා බවයි.

ඒ අනුව රුසියානු යුධ නෞකා තුනක් මේවනවිට කළු මුහුදට පැමිණෙමින් තිබෙන බව යුක්‍රේනය වාර්තා කර තිබෙනවා.

මෙය යුක්‍රේනයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් බවයි බොහෝ යුධ විශ්ලේෂකයින් අනතුරු අඟවන්නේ.

කෙසේ වෙතත් රුසියාවෙන් එල්ල වන ඕනෑම ප්‍රහාරයකට තම රට සූදානමින් සිටින බවයි සෙලෙන්ස්කි පවසන්නේ.

අධි තාක්ෂණික යුධ අවිවලින් සන්නද්ධ නෞකා දෙකක් අත්ලාන්තික් සහ ඉන්දීය සාගර කලාපවලට යැවිමට පුටින් තීරණය කර තිබෙනවා.

රුසියාවේ යුධ ශක්තිය පිළබඳ බටහිරට ඒත්තු ගැන්වීමේ අරමුණින් මෙය සිදු කල බවයි බොහෝ යුධ විශ්ලේෂකයින් පවසන්නේ.

Read more

Local News