කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

Share

මාලිගාකන්ද ජලාශය වෙත ජලය සැපයෙන සම්ප්‍රේෂණ ජල නල පද්ධතියේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව එළඹෙන හත්වනදා රාත්‍රී දහයේ සිට අට වනදා පස්වරු හතර දක්වා පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ වන්නේ කොළඹ කොටුව, කොම්පඤ්ඤවීදිය, කොල්ලුපිටිය, බම්බලපිටිය, කුරුඳුවත්ත, දෙමටගොඩ මරදාන පංචිකාවත්ත සහ පිටකොටුව ප්‍රදේශයි.

Read more

Local News