නව කොවිඩ් උප ප්‍රභේදයක් වන XBB15 ඊසාන දිග අමෙරිකාවේ ඉතා සිඝ්‍රයෙන් ව්‍යාප්ත වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
එහි ප්‍රධාන නිලධාරිනියක් වන මරියා වැන් පවසන්නේ නව උප ප්‍රභේදය ඉක්මනින්ම සම්ප්‍රේෂණය විය හැකි වෛරසයක් බවට අනාවරණය කර ඇති බවයි.
නව උප ප්‍රභේදයෙන් දරුණු රෝග ඇති විය හැකි බවට තවම තහවුරු කරගෙන නැති බවද ඇය ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් ඊසාන දිග අමෙරිකාවෙන් වාර්තා වන කොවිඩ් රෝගීන්ගෙන් 75% කට අසාදනය වී ඇත්තේ මෙම නව ප්‍රභේදය බවයි එරට බලධාරීන් පවසන්නේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ අමෙරිකාවට අමතරව යුරෝපයේ රටවල් 25 කට වැඩි සංඛ්‍යාවකින් වෛරස ආසාදිතයින් හදුනාගෙන ඇති බවයි.