මැතිවරණ කොමිසමේ සාමාජිකයින් මැතිවරණය සම්බන්ධයෙන් එක් මතයකට පැමිණිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ඒ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් සමඟ ඊයේ පැවති සාකච්ඡාවකදී.
මෙම සාකච්ඡාවට සහභාගී වූ කොමිසමේ නිලධාරීන් හතර දෙනා මත හතරක් දැරීම හේතුවෙන් සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වූ බවයි වාර්තා වන්නේ.
මේ අතර මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක ජනාධිපතිවරයා විසින් මැතිවරණ කොමිෂන් සභාව කැඳවීම සදාචාරාත්මක නොවන ක්‍රියාවක් බව ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසනවා.



