ගොවීන්ට අද සිට ඩීසල්

Share

චීන රජය විසින් මෙරට කෘෂිකර්මාන්ත කටයුතු සඳහා පරිත්‍යාග කළ ඩීසල් ලීටර් මිලියන 6.98ක් අද (09) සිට අස්වනු නෙලීම සඳහා ගොවි ජනතාවට නොමිලයේ බෙදා හරින බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි

ඒ අනුව කෘෂිකාර්මික කටයුතු සදහා ඩීසල් ලීටර් මිලියන 6.98ක් ලබා දුන් අතර ඉතිරි ප්‍රමාණය ධීවර කටයුතු සඳහා යොදවනු ලැබීය.

මෙම ඉන්ධන තොගය එක් එක් ගොවීන්ට විශේෂ වවුචරයක් මගින් ඔන්ලයින් ක්‍රමයට ලබා දීමට සැළසුම් කර ඇති අතර එකී වවුචර පත නිල වශයෙන් නිකුත් කිරීම (09) දින පෙරවරු 11.00 ට කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේ දී සිදු කෙරේ.

මෙම වැඩපිළිවෙළ යටතේ අක්කර බාගයේ සිට හෙක්ටෙයාර් 02 දක්වා වී වගා කරන ගොවීන්ට අස්වනු නෙලීම සඳහා නොමිලයේ ඉන්ධන ලබා දීමට පියවර ගෙන ඇත. ඒ අනුව හෙක්ටෙයාර් එකක් සඳහා ඩීසල් ලීටර් 15ක් හා හෙක්ටෙයාර් 02ක් සඳහා ඩීසල් ලීටර් 30ක් ද වශයෙන් ලබා දීමට කටයුතු යොදා තිබේ.

Read more

Local News