යුක්‍රේන රුසියා යුධ ගැටුමට අදට දින 318 යි

Share

යුක්‍රේන රුසියා යුධ ගැටුමට අදට දින 318 යි.

පසුගියදා රුසියාව සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළා.

නමුත් එම කාලය තුළ රුසියාව, යුක්‍රේනයට ප්‍රහාර එල්ල කළ බව, යුක්‍රේනය චෝදනා කරනවා.

එසේම යුක්‍රේනය ද රුසියානු පාලනය යටතේ පවතින ඩොනෙට්ස්ක් ප්‍රදේශයට ඊයේ ප්‍රහාර එල්ල කළ බවයි වාර්තා වන්නේ.

ඉන් තාප බලාගාර දෙකකට හානි සිදු වී තිබෙනවා.

මේ අතර රුසියාව, නැගෙනහිර යුක්‍රේනයේ ගොඩනැගිල්ලකට රොකට් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඉන් යුක්‍රේන සෙබළුන් 600 දෙනෙකු මිය ගිය බවයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

Read more

Local News