විදුලි බිලට එරෙහිව පාරට බහින්න සූදානම් – ඕමල්පේ සෝභිත හිමි කියයි

Share

විදුලි බිල ඉහළ නැංවීමේ යෝජනාව ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත යොමු කර තිබෙනවා.

ඊට අදාළ ගණනය කිරීම් සඳහා මාස එකහමාරක්, දෙකත් අතර කාලයක් ගතවනු ඇති බවයි, මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කළේ.

යෝජනාව අධ්‍යයනය කර, විදුලි බිල සංශෝධනය කිරීම හෝ නොකිරීමේ තීරණය ප්‍රකාශයට පත්කරන බව ද, සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේ වෙතත්, විදුලි බිල ඉහළ දැමීමට කටයුතු කළහොත්, ඉදිරියේදී ජනතාව සමඟ එක්ව දැඩි ක්‍රියාමාර්ග ගන්න බවයි පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ප්‍රකාශ කළේ.

Read more

Local News