සමෘද්ධි ගෙවීමත් පමාවන ලකුණු

භාණ්ඩාගාරය දරුණු මූල්‍ය අර්බුදයකට මුහුණ දී ඇති බව ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

මේ හේතුවෙන් අමාත්‍යංශවල ඇස්තමේන්තු ගත කර ඇති වියදමෙන් සීයට පහක් කපා හැරීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම සමෘද්ධි දීමනා ලබාදීම මේ මස තුළ පමණක් ප්‍රමාද වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.