ගුවන් හමුදාපති කුසලාන ගොල්ෆ් තරගාවලිය ජනවාරි මස 20 වනදා සිට

Share

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඊගල්ස් ගොල්ෆ් ලින්ක් සංවිධාන කරනු ලබන ගුවන් හමුදාපති කුසලාන කාන්තා සහ පිරිමි ගොල්ෆ් තරගාවලිය 10වන වරටත් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

චීනවරාය ඊගල්ස් ගොල්ෆ් ලින්ක් හිදී ජනවාරි මස 20වනදා සිට 22වනදා දක්වා තරගාවලිය පැවැත්වේ. දෙස් විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100කය අධික පිරිසක් මේ සදහා සහභාගී වීමට නියමිතව ඇත. ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මැතිතුමාගේ මගපෙන්වීම යටතේ මෙම තරගාවලිය සංවිධානය කෙරේ.

තරගාවලියට සමගාමීව ප්‍රජා සත්කාර වැඩසටහන් මාලාවක්ද සැලසුම් කර ඇත. ඒ යටතේ ත්‍රිකුණාමලය උසස් බාලිකා විද්‍යාලය, චීනවරාය නාලන්දා විද්‍යාලය හා කින්නියා රාවනේෂ්වරන් දෙමළ විද්‍යාලය යන පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය සහ පරිගණක උපාංග ප්‍රධානය කිරීමට කටයුතු සූදානම් කර ඇත.

Read more

Local News