අදත් වැසි රහිත කාලගුණයක්

Share

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල ද ප්‍රධාන වශයෙන් එම තත්ත්වයක් පවතී.

සුළං ඊසාන දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී 20-35 පමණවේ. 

මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී 40-50 පමණ වැඩිවිය හැකිය.

මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වාත්, හම්බන්තොට සිට පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. 

Read more

Local News